Search

පසුගිය වසරේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් – හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා මාර්ග අනතුරු විශාල වශයෙන් පසුගියදා වාර්තා වී තිබෙනවා.

පසුගිය මාස 12 තුළ සිදුවී ඇති මාර්ග අනතුරු සංඛ්‍යාව 20,562 ක් බවයි අභ්‍යන්තර වාර්තා විශ්ලේෂණය කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරුවලට ප්‍රධානතම හේතුව ලෙස සැලකෙන්නේ වේගයෙන් රිය පැදවීමයි.

මරණවලින් සියයට 30 ක් පමණ මත්පැන් නිසා ද ආසන පටි නොපැළඳීම, සංයමයෙන් රිය ධාවනයේ නොයෙදීම මාර්ග අනතුරු වලට තවත් ප්‍රධානතම හේතු ලෙස සැලකෙනවා.

එමෙන්ම 2023 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේ දී මාර්ග අනතුරැවලින් මියයන අවුරුදු 7 ට අඩු ළමුන්ගේ සංඛ්‍යාව 54% කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වික්ටෝරියා අග්‍රමාත්‍ය ජසින්ටා ඇලන් පවසන්නේ මාර්ග පද්ධතියේ තිබෙන ගැටළු ද මෙම අනතුරුවලට හේතු වන බවයි.

ඒ අනුව මාර්ග නවීකරණ කටයුතු සදහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් 2024 – 2025 අයවැයෙන් ඩොලර් මිලියන 964 ක මුදලක් වෙන් කර ඇති බව ඇය කියාසිටියා.