
මෙල්බන් සත්වෝද්‍යානයේ සිටි ගෝරිල්ලකුගේ හදිසි මරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා.
කිමියා නම් මෙම ගෝරිල්ලා මියයන විට වයස අවුරුදු 20 ක්.
කිමියා, 2013 වසරේ ටොරොන්ගා සංරක්ෂණ සංගමයෙන් මෙල්බන් සත්වෝද්‍යානයට ලැබුණු අතර ඔටානා නම් 24 හැවිරිදි පිරිමි ගෝරිල්ලා සමග ඇය වාසය කළා.

මෙම යුවලට 2015 වසරේදී කන්සි නමින් හැදින්වෙන පැටවෙකු උපත ලැබුවා.
කන්සි, වසර 15 කට පසු මෙල්බන් සත්වෝද්‍යානයේ උපත ලැබූ පළමු ගෝරිල්ලා වනවා.

සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය පවසන්නේ කිමියා බුද්ධිමත් , විමසිලිමත් මෙන්ම ස්වාධීන සතෙකු බවයි.