Search

ඉදිරි ෆෙඩරල් මැතිවරණය ගැන නවතම අනාවරණයක්

ඉදිරි ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණ පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මෙවර මැතිවරණය අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට වැඩි ඉඩක් පවතින බවටයි දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ.

මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දින වකවානු මෙතෙක් දැනුම් දී නැතත් එය අප්‍රේල් මාසයේ මැද භාගයේ දිනයකදී පැවැත්වෙනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

කෙසේ වෙතත් මාර්තු 08 සහ 09 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත මැතිවරණය එම දින වකවානු තීරණය වීම කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව විසින් පොලී අනුපාත කප්පාදු කිරීම සම්බන්ධව තීරණයට එළඹෙන අවස්ථාවන් දෙකක් මෙවර ෆෙඩරල් මැතිවරණය පෙර සිදු විමට නියමිතයි.