Search

Qantas – Sri Lankan ලොව හොඳම 25 ට

2025 වසර සදහා නම් කළ ලොව හොදම පූර්ණ සේවා (Full Service) ගුවන් සමාගම් ලැයිස්තුවට Sri Lankan ගුවන් සේවය සහ ඔස්ට්‍රේලියාවේ Qantas ගුවන් සේවය ද නම් කර තිබෙනවා.

Airlines Ratings වෙබ් අඩවිය විසිනුයි මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ.

එහිදී වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී ඇත්තේ පිරිමැසුම්දායක පන්තියේ (Economoy Class) හි මගීන් සදහා වන සුවපහසුවයි.

එමෙන්ම ගුවන් ගමනේදී ඔවුන්ට විදීමට සිදුවන අත්දැකීම්, ආසනවල සුවපහසුව ඇතුලු කරුණු රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මෙම ලැයිස්තුවට අනුව Sri Lankan ගුවන් සේවය 20 වන ස්ථානයටත් Qantas ගුවන් සේවය 08 වන ස්ථානයත් නම් කර තිබෙනවා.

ශ්‍රේණිගත කිරීමේ දී ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ Korean Air ගුවන් සේවයයි.

මෙම ලැයිස්තුවට නම් කර ඇති ගුවන් සමාගම් 25 න් බහුතරයක් ආසියානු මහද්වීපය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන ගුවන් සේවා වීම ද කැපී පෙනෙනවා.

 

2025 වසර සදහා වන හොදම Full Service ගුවන් සමාගම් ලැයිස්තුවක් මෙසේයි.

✅ Korean Air
✅ Qatar
✅ Air New Zealand
✅ Cathay Pacific
✅ Singapore Airlines
✅ Emirates
✅ Japan Airlines
✅ Qantas
✅ Etihad
✅ Turkish Airlines
✅ EVA Air
✅ Fiji Airways
✅ Virgin Atlantic
✅ ANA
✅ Aero Mexico
✅ Air Caraibes
✅ Thai Airways
✅ STARLUX Airlines
✅ Vietnam Airlines
✅ Sri Lankan Airlines 🇱🇰
✅ Air France
✅ KLM (note the airline are trialling a Hybrid model on some routes)
✅ Air Calin
✅ Air Mauritius
✅ Garuda Indonesia

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »