Search

ලොව දුෂ්කරම ධාවන තරගයකට යන ඔස්ට්‍රේලියානුවා

ලොව දුෂ්කරම ධාවන තරග අතුරින් එකක් ලෙස සැළකෙන 6633 Arctic Ultra සදහා ඔස්ට්‍රේලියානු ධාවකයෙක් ද සහභාගී වනවා.

ඒ සදහා තරඟකරුවන් 09 දෙනෙකු මෙවර සහභාගී වන බවයි වාර්තා වන්නේ.

ආක්ටික් මහද්වීපය පුරා අධික ශීත කාලගුණික තත්වය හමුවේ පැවැත්වෙන මෙම ධාවන තරගය අතිශයින්ම දුෂ්කර වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඒ සදහා ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ආරෝන් කෲක් සහභාගී වන අතර ඔහු මීට පෙර පැවති Marathon Des Sables තරගය සදහා ද සහභාගී වී තිබෙනවා.

Marathon Des Sables යනු සහරා කාන්තාරය හරහා විහිදෙන දුෂ්කර ධාවන තරගයක් ලෙසටයි සැළකෙන්නේ.

ආරෝන් කෲක් මෙවර 6633 Arctic Ultra ධාවන තරගය සදහා සහභාගී වන්නේ සමාජ සේවා කටයුතු සදහා මුදල් රැස්කිරීමේ අරමුණින් වීම ද කැපී පෙනෙනවා.

ඔහු එම තරගයට මුහුණ දීම සදහා වසර 03 ක කාලයක් තිස්සේ පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත්තේ.

6663 Arctic Ultra ධාවන තරගය එළඹෙන පෙබරවාරි 27 වනදා ආරම්භ වීමට නියමිතයි.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

කැනඩාවේ අධිකරණ ඇමති ධූරයට ලාංකික සම්භවයක් සහිත අයෙක්

කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී තේරිපත් ව තිබෙනවා.

Read More »