
දියේ ගිලෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකුගේ ජීවිතය බේරා ගැනීමට විදෙස් කාන්තාවක් සමත් වී තිබෙනවා.
මෙය සිදුවී ඇත්තේ අදාළ කාන්තාව ශ්‍රී ලංකාවේ දියලුම ඇල්ල අසල ජල තටාකයේ සිටි අතරතුරයි.
සිය කැමරාවෙන් අවට වීඩියෝගත කරමින් සිටි අතරතුරදී තරුණයෙක් ජලයේ ගිලෙන අයුරු ඇය දැක තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ අදාළ කාන්තාව එම තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කර තිබෙන බවටයි වාර්තා වන්නේ.
මෙම නිර්භීත ක්‍රියාව ඇයගේ කැමරා කාචයේ සටහන් වී තිබුණා.

එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා තුළ මේ වනවිට වේගයෙන් සංසරණය වනවා.
ඇයගේ මෙම නිර්භීත ක්‍රියාව අගය කළ යුතු බවයි බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ.