Search

වික්ටෝරියා පොලිස් අර්බුදය තවදුරටත් උග්‍ර වෙයි

වික්ටෝරියා පොලිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන පොලිස් කොමිසාරිස්වරයා ලෙස කටයුතු කරන ෂේන් පැට්න්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර තිබෙනවා.

ඒ පොලිස් වෘත්තීය සමිති සාමාජිකයන් විසින් බවයි දැක්වෙන්නේ.

එහිදී ඡන්දදායකයන්ගෙන් 87% ක් පමණ පෙන්වා දී ඇත්තේ ඉදිරියේ දී වික්ටෝරියා ප්‍රාන්ත පොලීසිය මෙහෙයවීම සහ කළමනාකරණය කිරීමට ඔහුට ඇති හැකියාව පිළිබඳව තමන් විශ්වාස නොකරන බවයි.

අදාළ සිද්ධිය හේතුවෙන් තමන් කලකිරීමට පත්වූ බවයි ෂේන් පැට්න් විසින් සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් තමන් ඉදිරියටත් වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් දෙපාර්තුමේන්තුවට නායකත්වය ලබා දෙන බවද ඔහු විසින් අවධාරණය කර තිබෙනවා.

ප්‍රාන්තය තුළ අපරාධ ක්‍රියා ඉහළ යෑම, පොලිස් සේවයේ පවතින පුරප්පාඩු ඇතුලු තම නිලධාරීන් විසින් මුහුණ දෙන ගැටලු පිළිබඳව තමන් හදුනාගෙන ඇති බවත් ඒවා විසදීමට කඩිනමින් පියවර ගන්නා බවයි ප්‍රධාන පොලිස් කොමසාරිස්වරයා විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.