
චිත්‍රපට නිෂ්පාදකයන් අතර වඩාත් ජනප්‍රියම ස්ථාන පිළිබඳව නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව එම ස්ථාන අතර පළමු තැන හිමි වූයේ සිඩ්නි Opera House වෙතටයි.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් රූගත කළ ස්ථානය ලෙසයි එය සැළකෙන්නේ.

සිඩ්නි Opera House හි චිත්‍රපට 161 ක් පමණ මෙතෙක් රූගත කර තිබීම ද මෙහිදී කැපී පෙනෙනවා.
එහි දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් හිමි කරගෙන ඇත්තේ ප්‍රංශයේ අයිෆල් කුලුණ සහ ලූවර් කෞතුකාගාරය බවයි දැක්වෙන්නේ.

ජපානයේ Tokyo Tower වෙත මෙහි සිව් වන ස්ථානයත් නේපාලයේ එවරස්ට් කන්ද වෙත මෙහි පස් වන ස්ථානයත් හිමිව තිබෙන බවද වැඩිදුරටත් සදහන්.