
සෙලියා සුළි කුණාටුවෙන් බටහිර ඔස්ට්‍රේලියාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
එය ඩිග්රේ හිදී පැයට කිලෝමීටර 220 ක වේගයෙන් පැමිණි අතර මිලිමීටර් 500 කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇදහැලුණු බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
අනතුරුදායක ලෙස ගංවතුර හරහා රිය පැදවීමට උත්සහ නොකරන්නැයි ඊයේ ආරක්ෂක අංශ රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.

සුළි කුණාටු තත්වය පහව ගිය ද සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ගිනි නිවීමේ හා හදිසි සේවා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
කුණාටුවෙන් හානියට පත් ගොඩනැගිලි, වැටී ඇති විදුලි රැහැන් සහ සුන්බුන් වලින් ඈත්වී සිටින ලෙසයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

පිල්බරා, ගැස්කොයින් සහ උතුරු අභ්‍යන්තරයේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපය තුළත් මිලිමීටර් 150 ත් 200 ත් අතර තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ.
අධික වර්ෂාපතනයෙන් හදිසි ගං වතුර අවදානමක් ඇතිවිය හැකි අතර කලාපය පුරා මේ වනවිටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.