Search

මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් සිසුන්ට තවත් ප්‍රතිලාභ

මෙල්බන් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය තවදුරටත් පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඒ දකුණු පැසිෆික් විශ්ව විද්‍යාලය සහ මෙල්බන් විශ්ව විද්‍යාලය අතර හවුල් කාරිත්වයකට එකඟතාව පළකරමින්.

මෙම අවබෝධතා ගිවිසුම මගින් පීඨ හුවමාරුව, ඒකාබද්ධ පර්යේෂණ කටයුතු සහ සම්මන්ත්‍රණ මෙන්ම ශාස්ත්‍රීය වැඩසටහන් ඒකාබද්ධව සිදුකිරීමෙන් සිසුන්ට පුළුල් අධ්‍යාපන ප්‍රතිලාභ හිමි වනු ඇති.

මෙම සහයෝගීතාව මගින් දේශීය ශිෂ්‍යත්ව ප්‍රවර්ධනය කිරීමටත් ආදිවාසී ප්‍රජාවන් සවිබල ගැන්වීමටත් ආයතනය දෙකම කැපවන බව දෙපාර්ශවය ම කියාසිටියා.

මෙල්බන් විශ්ව විද්‍යාලය සමග හවුල්කාරිත්වයෙන් වැඩකිරීම, දකුණු පැසිෆික් විශ්ව විද්‍යාලයේ පරිවර්තනයකට හේතුවන බවයි එහි උපකුලපති මහාචාර්ය පාල් අලුවාලියා පැවසුවේ.

මෙම අවබෝධතා ගිවිසුම මගින්  දකුණු පැසිෆික් සහ මෙල්බර්න් විශ්ව විද්‍යාල අතර අධ්‍යයන හවුල්කාරිත්වයක්, සංස්කෘතික හුවමාරුව සහ දේශීය දැනුමේ දියුණුවට මනා පිටුවහලක් වනු ඇති බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »