
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.
මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙස වාර්තා අතරටද එක්විය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 282ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 24.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 107ක් පමණි.

ඒ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ශ්‍රී ලංකාව ජය ගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 281ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 101ක් රැස්කළේය.
ඊට අමතරව නායක චරිත් අසලංක මෙවරද සාර්ථක ඉනිමක් ගොඩනගමින් නොදැවී ලකුණු 78 වාර්තා කළේය.
එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු විවේකගන්වා අද තරගට කැඳවූ නිශාන් මධුෂ්ක ලකුණු 51ක් හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 32ක් රැස්කිරීමට සමත් විය.