Search

ඔස්ට්‍රේලියාව හා නේපාලය අතර සමුළුවක් මෙල්බන්හි දී

ඔස්ට්‍රේලියාව සහ නේපාලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ සමුළුවක් මෙල්බන්හිදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම සමුළුව ලබන 23 වනදා මෙල්බන්හිදී  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ඔස්ට්‍රේලියාව සහ නේපාලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවෙහි 65 වන සංවත්සරය සැමරීම වෙනුවෙන්.

මේ සඳහා හිමාලයානු අවුට්රීච් ඉන්ටර්නැෂනල් සංවිධානය, නේපාල සහ ඔස්ට්‍රේලියානු නායකයින්, නව නිපැයුම්කරුවන් සහ පාර්ශව කරුවන් රැසක් සහභාගිවීමට නියමිතයි.

තිරසර සංවර්ධනය සඳහා නවෝත්පාදනය, මෙම සමුළුවේ මූලික අරමුණවනවා.

ඒ අනුව ග්‍රාමීය මෙන්ම නාගරික හවුල්කාරිත්වය සහ නවෝත්පාදන අදහස් ඇතුළු විවිධ තේමාවන් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි මාධ්‍ය වාර්තා කියාසිටින්නේ.

මේ වන විට නේපාල සිසුන් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතර චීනය සහ ඉන්දියාවට පසු මෙරට ජාත්‍යන්තර සිසුන් සිටින විශාලතම රට වන්නේ නේපාලයයි.