
ඔස්ට්‍රේලියාවේ මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ආයෝජනයේ හොඳම වසර ලෙස 2024 වර්ෂය පත්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ක්ලීන් එනර්ජි බලශක්ති කවුන්සිලයේ (Clean Energy Council) නවතම වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 7 ක් පසුගිය වසරේ ආරම්භ කර ඇති බවයි.
ඉන් මෙගාවොට් 4336 ක පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාවක් ලබා ඇති අතර ඊට ආයෝජනය කර ඇති මුදල ඩොලර් මිලියන 9 ක් බවද සඳහන්.

2024 වසරේ 4 වන කාර්තුවේදී පමණක් මෙගාවොට් 870 ක නව බලශක්ති ගබඩා කිරීම සඳහා ආයෝජනය සිදුකර තිබෙනවා.
නිව් සවුත් වේල්ස් හි ගොල්බර්න් ගඟෙ හි සූර්ය ශක්ති ගබඩා බලාගාරය පසුගිය කාර්තුව තුළ මූල්‍යමය වශයෙන් දායක වූ විශාලතම ව්‍යාපෘතියයි.

2017 වසරේ සිට මේ දක්වා බලශක්ති උත්පාදන හා ගබඩා කිරීමේ ව්‍යාපෘති 223 ක් ආරම්භ කර තිබෙනවා.
ඉන් බහුතරයක් නිව් සවුත්වේල්ස් හිදීත් වික්ටෝරියා හා ක්වින්ස්ලන්ඩ් හි බලාගාර 29 බැගින් ද ස්ථාපිත කර ඇති බවයි වාර්තා වන්නේ.