Search

අයහපත් කාලගුණයෙන් සිඩ්නි තොටුපළට සිදු වූ දේ

ගුවන් ගමන් වාර 50 කට වැඩි සංඛ්‍යාවක් අත්හිටුවීමට සිඩ්නි හි ගුවන් තොටුපළට අද සිදුව තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හමුවේ ගුවන් පාළක හිඟයක් මතුවීම ඊට හේතුව බවයි මාධ්‍ය වාර්තා කියාසිටියේ.

මේ හේතුවෙන් මගීන් සිය ගණනක්  සිඩ්නි ගුවන් තොටුපළේ රැඳී සිටින බව ද එම වාර්තාවල සඳහන්.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් පමණක් අත්හිටුවීමට මීට පෙර තීරණය කළද කාර්ය මණ්ඩලයේ හිඟතාවයක් හේතුවෙන් ගැටළුව උග්‍ර අතට පත්ව තිබෙනවා.

ඒ අනුව ගුවන් ගමන් වාර 26ක් සහ පැමිණීම් 32ක් අවලංගු කර ඇති බවයි ගුවන් සමාගම් මගීන්ට දැනුම් දී ඇත්තේ.

මේ අතර සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් සේවා ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් වලින් පීඩාවට පත්ව සිටින මගීන්ට සිය කණගාටුව ප්‍රකාශ කරන බවද බලධාරීන් දැනුම් දුන්නා.

හෙට සිට මෙම තත්වය යථාතත්වයට පත්වනු ඇති බවයි වර්ජින් එයාර්ලයින්ස් පැවසුවේ.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »