Search

පලාගිය සැකකරු මෙල්බන් සාප්පුවකදී මියයාම අභිරහසක්

පලායමින් සිටි සැකකරුවෙකු මෙල්බන් හි වෙළඳ මධ්‍යස්ථානයක් තුළ මියයාම පිළිබඳ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද දහවල් 12.30 ට පමණ CBD හි ගිනිකොන දෙසින් පිහිටි ලින්බෲක් හි දකුණු ගිප්ස්ලන්ඩ් අධිවේගී මාර්ගයේ සාප්පුවක දීයි මෙම සිද්ධිය සිදුවී ඇත්තේ.

මෙල්බන් පොලීසිය විසින් මෙම අපරාධකරු ලුහුබැඳ ඇති අතර එහිදී ඔහු මෙම සාප්පුවට දිවගොස් ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ඊට ස්වල්ප වේලාවකට පසු සැකකරු තුවාල සහිතව මියගොස් සිටියදී මෙල්බන් පොලීසිය විසින් සොයාගනු ලැබුවා.

ඔහු විසින්ම මරණය සිදුකරගෙන ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ.

ආරක්ෂක අංශ සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.