
වික්ටෝරියා හි ප්‍රාදේශීය සජීවි සංගීත උත්සව සඳහා ඩොලර් පනස් දහසක ප්‍රතිපාදන ලබාදීමට බලධාරීන් සූදානම් වනවා.
දහසකට වැඩි සහභාගිත්වක් ඇති සංගීත උත්සව වෙනුවෙන් කම්කරු රජය මෙවරත් අරමුදල් වෙන් කර ඇති බවයි බලධාරීන් කියාසිටියේ.
පෙබරවාරි 25 වනදා සිට මෙ ප්‍රදානයන් ලබාදීමට නියමිතයි.

පසුගිය 2024 වසරේදී උත්සව 22 ක් සඳහා මුදල් ප්‍රදානය කිරීමට කම්කරු පක්ෂ අරමුදලට හැකිවුණා.
වික්ටෝරියා හි සංගීත උත්සව යනු ප්‍රාන්තයේ ප්‍රජාවන්ගේ ජීවනාලිය බවයි කර්මාන්ත අමාත්‍ය කොලින් බෘෘක්ස් කියාසිටියේ.

මෙමගින් කම්කරුවන්ට රැකියා අවස්ථා ලැබීම, තරුණ සංගීත ලෝලීන්ට විනෝදවීම මෙන්ම කලාකරුවන්ට සිය වෘත්තිය ගොඩනගා ගැනීමට මහත් රුකුලක් වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.