
තරුණයන්ට බැරිස්ටා (Barista Coffee) සෑදීමේ නොමිලේ පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට වික්ටෝරියා හි කලාපයක් සූදානම් වනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ කොරන්ගාමයිට් හි සිසුන්ට අප්‍රේල් පාසල් නිවාඩු කාලය තුළ රැකියා කුසලතා වර්ධනය කිරීම මෙහි අරමුණයි.
කොරන්ගාමයිට් ෂයර් කවුන්සිලය මෙහි මූලිකත්වය ගනු ලබනවා. (Corangamite Shire Council)

බැරිස්ටා සෑදීමේ පාඨමාලාව සඳහා වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණයින්ට ඉදිරිපත් විය හැකි බවයි ඔවුන් පැවසුවේ.
මෙම එක්දින පාඨමාලාව මගින් නවීන යන්ත්‍ර භාවිත කරමින් අවන්හල් වල කෝපි පිළියෙළ කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමට නියමිතයි.

බැරිස්ටා, ඔස්ට්‍රේලියාවේ මෙන්ම ලොව පුරා ද ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.