
නිව් සවුත්වේල්ස් හිදී අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ට විරෝධතාවක් එල්ල වී තිබෙනවා.
ඔහු මාධ්‍ය හමුවක් අමතමින් සිටියදී උද්ඝෝෂකයින් පිරිසක් ඔහුට බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.
විරෝධතාකරුවන් චෝදනා කරන්නේ ඇල්බනීස් ඉලවාරා අක්වෙරළ සුළං කළාපය පිළිබඳ බොරු ප්‍රකාශ සිදු කරන බවයි.

ඔස්ට්‍රේලියානු අපනයන සඳහා අමරිකාවේ තීරුබදුවල බලපෑම පිළිබඳ, මාධ්‍ය හමුවේදී සාකච්ඡා කළ අතර එවිට මෙම විරෝධතාවය ආරම්භ වූ බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
2023 වසරේදී මාස තුනක ප්‍රජා උපදේශනයෙන් පසු ෆෙඩරල් රජය පසුගියදා ඉලවාරා අක්වෙරළ සුළං කළාපයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

නමුත් එහි ඇතැම් පදිංචිකරුවන් චෝදනා කරන්නේ අක්වෙරළ සුළං ගොවිපළවලින් දැඩි පාරිසරික බලපෑමක් සිදුවනු ඇති බවයි.