
ඔස්ට්‍රේලියාවේ සංචිත බැංකුව (Reserve Bank) නව පොලී අනුපාත ලබන අඟහරුවාදා ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතයි.
උකස් ඇතුලු සහන ලබාගැනීමට ඔස්ට්‍රේලියානුවන් වැඩි වැඩියෙන් පෙළඹීම හේතුවෙන් පොලී අනුපාත කප්පාදුවකට සූදානම් වන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙන්නේ.
RBA හි වසරේ පළමු රැස්වීම ලබන සඳුදා සහ අඟහරුවාදා දිනවල පැවැත්වෙන අතර එහිදී පොලී අනුපාත සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.

ආර්ථික විශේෂඥයින් 37 දෙනෙකුගෙන් යුත් සමීක්ෂනයකින් හෙළිවී ඇත්තේ සියයට 73 ක පොලී අනුපාතයක් අපේක්ෂා කරන බවයි.
ගොඩගැනිලි කර්මාන්තයේ අධික පිරිවැය, ශ්‍රම හිඟය සහ රැකියා වෙළඳපොළ ශක්තිමත් නොවීම, ආර්ථික උද්ධමනයෙන් ජනතාව පීඩා විඳින බව ක්වීන්ස්ලන්ත තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අනුබද්ධ මහාචාර්ය නොයෙල් විට්ටේකර් පවසනවා.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ මෙවැනි මොහොතක පොලී අනුපාත කප්පාදුව යුක්ති සහගත නොවන බවයි.