Search

පෙම්වතිය ඝාතනය කළ මෙල්බන් තරුණයාට වසර 28ක සිරදඩුවම්

සිය පෙම්වතිය ඝාතනය කිරීමේ වරදට වික්ටෝරියා අධිකරණයක් පෙම්වතාට වසර 28 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ටොබි ලෝෆ්නේන් නම් 45 හැවිරිදි මෙම චූදිතයා සිය පෙම්වතිය ඝාතනය කර පසුව ඇගේ සිරුර දුරබැහැර පඳුරු බිම් ප්‍රදේශයකට විසිකර ඇති බවයි වාර්තා වන්නේ.

2021 වසරේ අප්‍රේල් මස සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් චූදිතයා කියාසිටියේ මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිත කරමින් සිටි 37 හැවිරිදි තම පෙම්වතිය රෝහලට යැවීමට ගිලන් රථයක් නොමැති කමින් මියගිය බවයි.

නමුත් ජූරි සභාව එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ ලෆ්නාන් සිය පෙම්වතියට මාරාන්තික ප්‍රහාර එල්ල කර ඇති බවට සාක්ෂි පවතින බවයි.

2023 වසරේ ඇගේ ශරීර අවශේෂ මෙල්බන්හි කේප් ෂැන්ක් හි සොහොනක තිබී හමුවී තිබෙනවා.

ඉන් පසුවයි ඇයගේ ඥාතීන් විසින් මෙම නඩුව ගොනුකර ඇත්තේ.