Search

වෙරිබි හි අතුරු මැතිවරණ ජය යළි කම්කරු පක්ෂයට

පසුගියදා වෙරිබිහි පැවති අතුරු මැතිවරණයෙන් පාළක කම්කරු පක්ෂය ජය ලැබීමට ආසන්නයේ පසුවන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව කම්කරු පක්ෂ අපේක්ෂක ජෝන් ලිස්ටර් ජයග්‍රහණයේ අභියස සිටින බවයි මැතිවරණ කොමිසම පෙන්වාදෙන්නේ.

කම්කරු පක්ෂය ඡන්ද 593 ක පෙරමුණේ පසුවන බව වික්ටෝරියා මැතිවරණ කොමිසම සඳහන් කළා.

1976 වසරේ සිට වෙරිබි හි බලය වික්ටෝරියා කම්කරු පක්ෂයට හිමිව තිබුනද මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයින් සමහරක් පක්ෂය පිළිබඳ දැඩි කණස්සල්ලෙන් පසුවුණා.

මේ අතර ලිබරල් අපේක්ෂක ස්ටීව් මර්ෆි පැවසුවේ කලාපයට නව ප්‍රතිඵල ලබාගැනීමට කම්කරු පක්ෂය ඉවත් කළ යුතු බවයි.

කම්කරු පක්ෂයේ බලකොටුවක් වූ වෙරිබි හි හිටපු භාණ්ඩාගාරික ටිම් පැලස් ඉල්ලා අස්වීම ඉදිරිපත් කරමින් පසුගියදා ප්‍රකාශකලේ කලාපයට වෙනසක් කිරීමට නම් ආයෝජන ඉහළ නැංවිය යුතු බවයි.

මේ අතර ඊයේ ග්‍රීරීන් අපේක්ෂක ඇන්ජලිකා ඩි කැමිලෝ පරාජය කරමින් ලිබරල් අපේක්ෂක රේචල් වෙස්ට්චේ ප්‍රහ්රාන් ජයග්‍රහණ කළා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »