
සිඩ්නිහි, දුම්රිය, ට්රෑම් රථ සහ බස් සංගම් අද කාර්මික වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් සියලුදෙනා අඩු වේගයකින් ගමන් කරමින් ජාලය පුරා ප්‍රවාහන සේවයට බාධා ඇති වන ආකාරයෙන් විරෝධය පළකරන බවයි සංගමය කියාසිටින්නේ.
නිව් සවුත්වේල්ස් හි ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන සංගමයේ භාණ්ඩාගාරිකවරයා අතර වැටුප් ගිවිසුමක් සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාව අසාර්ථකවීම මීට හේතුව වනු ඇති.

අවම බාධාවකින් වැඩවර්ජනය සිදුකිරීම අපේක්ෂා කලද අනපේක්ෂිත ලෙස ප්‍රවාහන සේවා ජාලයට විශාල බලපෑමක් වනු ඇති බවයි මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් සංගමය කියාසිටියේ.
අද පැවති සාකච්ඡාවේදී වැටුප් ගිවිසුම සම්බන්ධයෙන් සාධාරණ ප්‍රතිචාරයක් නොලද හොත් කාර්මික වැඩ වර්ජනය පැය 24 ක් පුරා ක්‍රියාත්මක කිරීමට ඔවුන් මීට පෙර සැලසුම් කර තිබුණා.

ලබන සඳුදා ද මෙම ගිවිසුම සම්බන්ධයෙන් නව සාකච්ඡාවක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.