Search

සිඩ්නි පොදු ප්‍රවාහන වෘත්තීය සමිති අද අකුරට වැඩ

අද (14) දිනයේදී පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ප්‍රමාදයන් සහ අවලංගු වීම් වලට මුහුණ දීමට සූදානම් වන්නැයි සිඩ්නි හි මගී ජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ දුම්රිය, ට්‍රෑම් සහ බස් සංගම් විසින් අද දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙනුයි.

ඒ අනුව සිය ගමන් බිමන් සදහා අමතර කාලයක් වෙන් කරන්නැයි මගී ජනතාව වෙත දැනුම් දීමක් සිදු කෙරෙනවා.

වැටුප් සම්බන්ධ ගැටළුවක් මුල් කර ගනිමින් පැවති සාකච්ඡා බිද වැටීමත් සමඟ අද දිනයේදී සෙමින් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමටයි වෘත්තීය සංගම් සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් මගීන්ට සිදුවන දුෂ්කරතා අවම කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවට ද වෘත්තීය සමිති විසින් ප්‍රතිඥා දී තිබෙනවා.

කාලසටහන් අනුව පොදු ප්‍රවාහන සේවා හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවටයි ඔවුන් සහතික කර ඇත්තේ.

වෘත්තීය සමිති හා බලධාරීන් අතර පවතින ගැටළු විසදීම වෙනුවෙන් Fair Work කොමිසමේ දී විශේෂ හමුවක් ලබන සදුදා (17) දින පැවැත්වීමට නියමිතයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »