
වික්ටෝරියානු පාසල් තුළ සිදුවන ලිංගික අපයෝජන සිදුවීම් වලදී ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳව නවතම වාර්තාවක් ඔස්සේ කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
මෙම හෙළිදරව්ව සිදු කර ඇත්තේ ප්‍රාන්ත ප්‍රාථමික පාසලක සිදුවූ ලිංගික අපයෝජන සිදුවීමකට අදාළව Fair Work කොමිසම විසින් සිදුකළ පරීක්ෂණ වාර්තාවක් ඔස්සේ බවයි දැක්වෙන්නේ.
ඒ අනුව මෙවැනි සිදුවීම්වලදී ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ක්‍රියා පටිපාටිය තුළ අඩුපාඩු රැසක් පවතින බව ද එම වාර්තාව ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

ප්‍රාන්ත පාසල්වල සිදුවන ලිංගික අපයෝජන සිදුවීම්වල වරදකරුවන් බවට පත්වූ තැනැත්තන්ට එරෙහිව අධ්‍යාපන දෙපාර්තුමේන්තුව ව්සින් නීතිය ක්‍රියාත්මක කළ ආකරය තුළද ගැටළු රැසක් පැවති බවයි එහිදී හදුනාගෙන ඇත්තේ.
එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් දරුවන්ගේ ආරක්ෂාව සදහා මූලික අවධානයක් ලබා දීමට අපොහොසත් වී ඇති බව ද මෙම වාර්තාව ඔස්සේ අනාවරණය වී තිබෙනවා.

ඊට හේතුව ප්‍රාන්ත අධ්‍යාපන පද්ධතිය තුළ පවතින ගැටළුකාරී තත්වයන් බවයි Fair Work කොමිසමේ වාර්තාව ඔස්සේ වැඩිදුරටත් හදුනාගෙන ඇත්තේ.