
වික්ටෝරියා ප්‍රාන්තය තුළ E – Scooters භාවිතය සම්බන්ධයෙන් නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව මෑතකාලීනව මෙල්බන් CBD හීදී ආරක්ෂක හේතූන් මත E – Scooters කුලියට දීම තහනම් කර තිබෙන බවයි දැක්වෙන්නේ.
මෙල්බන් නගර කවුන්සිලය විසින් Neurone සහ Lime යන සමාගම සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම අවලංගු කිරීමෙන් පසුව E – Scooters 1500 ක් පමණ ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් පෞද්ගලික අයිතිය සහිත E Scooters තවමත් නගරය තුළ ධාවනය කිරීමට හැකියාව පවතින බවයි සදහන් වන්නේ.
Yarra නගර කවුන්සිලය ද E – Scooters භාවිතා කරන්නන් සදහා මිත්‍රශීලී පිලිවෙතක් අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා.

එහිදී ඔවුන් කලාපය තුළ ක්‍රමානුකූලව E Scooters නැවැත්වීම සදහා ස්ථාන සකස් කර තිබෙන බවයි දැක්වෙන්නේ.