Search

වික්ටෝරියානුවන්ට ඉක්මණින් ගමන් යන්න තවත් $ බිලියන 2.2 ක්

ෆෙඩරල් රජය විසින් වික්ටෝරියා ප්‍රාන්තයේ අර්ධ නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන SRL (Suburban Rail Loop) ව්‍යාපෘතිය සදහා ඩොලර් බිලියන 2.2 ක මුදලක් වෙන් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතිය සදහා ඩොලර් බිලියන 35 ක මුදලක් වැයවනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා වැයවන සම්පූර්ණ මුදලට සාපේක්ෂව ඉතා සුළු මුදලක් වෙන් කර තිබීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

යටිතල පහසුකම් (Infrastructure) අමාත්‍ය කැතරින් කිං විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම අරමුදල් සදහා කොන්දේසි රැසක් පවතින බවයි.

නමුත් එම කොන්දේසි මොනවාද යන වග අමාත්‍යවරිය විසින් මෙතෙක් අදහස් දක්වා නැහැ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව පළමු වරට යෝජනා ඉදිරිපත් වූයේ 2018 වසරේදීයි.

එහිදී වෙල්ටන්හැම් සිට බොක්ස් හිල් දක්වා විහිදෙන කිලෝමීටර් 26 ක පමණ දුම්රිය මාර්ගයක් ඉදි කරමින් අර්ධ නාගරික ප්‍රදේශ ඊට සම්බන්ධ කිරීමටයි සැලසුම් සකස් කර ඇත්තේ.

කෙසේ වෙතත් 2036 වර්ෂය තෙක් මෙහි දුම්රිය ධාවනය සිදු නොවනු ඇති බවට වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »