
ආදරවන්තයින්ගේ (Valentine’s) දිනයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා.
විශේෂයෙන්ම Dating App භාවිතා කරන වික්ටෝරියානුවන් මෙවැනි වංචනික ක්‍රියාකාරම්වලට හසුවීමට වැඩි ඉඩක් පවතින බවටයි ප්‍රාන්ත රජය විසින් පෙන්වා දෙන්නේ.
පසුගිය වර්ෂයේදී පමණක් මෙවැනි වංවනික ක්‍රියාකරකම් හේතුවෙන් වික්ටෝරියානුවන් ඩොලර් මිලියන 5.5 ක මුදලක් අහිමි කරගෙන තිබෙනවා.

NAB දත්ත ඔස්සේ අනාවරණය වී ඇත්තේ Valentine’s Scam යනු තම පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගොදුරු වන වංචනික ක්‍රියාකාරකම් පහෙන් එකක් වන බවයි.
පසුගිය වසර තුළදී ඔස්ට්‍රේලියාව තුළ Love Scams සම්බන්ධ සිදුවීම් 3,200 ක් පමණ වාර්තා වී තිබෙනවා.

එම වංචාවන්ට හසුවූ පුද්ගලයන් ඩොලර් මිලියන 24 ක මුදලක් අහිමි කරගෙන ඇති බවටයි හදුනාගෙන ඇත්තේ.
මැදි වියේ පසුවන පුද්ගලයන් Valentine’s Scam වලට හසුවීමේ වැඩි ඉඩක් පවතින බවද එහි වැඩිදුරටත් සදහන්.