
අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.
ඒ, ප්‍රසාද ලකුණු 663 ක් ලබා ගනිමින්.
පළමු ස්ථානයේ පසු වන්නේ, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන්.

ඔහු ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 669 ක්.
ඔස්ට්‍රේලියාව සමග ඊයේ පැවති එක්දින තරගයේදී ද මහීෂ් තීක්ෂණ, පන්දුවාර 9 යි පන්දු 5 කදී ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.
