
ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි පෙරේරා අද (13) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කෝපි කඩේ පළමු කතාංගයේ සිට දුවගේ චරිතයට එක්වු ඇය එදා මෙදා තුර ටෙලි නාට්‍ය සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා.
ගිනි අවි සහ ගිණිකෙළි ඇතුලු සිනමා නිර්මාණ රැසකට ද ඇය විසින් සිය රංගන දායකත්වය ලබා දී තිබෙන බවයි දැක්වෙන්නේ.

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසු වුණා.
කෝපි කඩේ දුවගේ චරිතයට මෙන්ම කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා ආදී ටෙලි නාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කළ ඇය දක්ෂ හඩ කැවීම් ශිල්පිනියක් ලෙසද කලක් කටයුතු කළා.