
ඔස්ට්‍රේලියාවේ විශාලතම R & B සංගීත ප්‍රසංගය ලෙස සැළකෙන Souled Out Music Festival හදිසියේ අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ පිළිබඳව අද (13) දිනයේ දී සංවිධායක මණ්ඩලය විසින් සමාජ මාධ්‍ය හරහා රසිකයන් වෙත දැනුම් දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
සැණකෙලිය පැවැත්වීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනවල ඇතිවූ ගැටළුකාරී තත්වය පදනම් කරගෙන එය අවලංගු කිරීමටයි සංවිධායක මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ටිකට් පත් මිළදී ගත් රසිකයන්ට ඒවායේ මුදල් නැවත ලබා දීමට ද ඔවුන් සැලසුම් කර තිබෙනවා.
මෙම දැවැන්ත ප්‍රසංග මාලාවේ පළමු අදියර පෙබරවාරි 22 වනදා මෙල්බන් හීදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතව තිබූ බවයි පැවසෙන්නේ.

ඊට අමතරව පෙබරවාරි 23 සහ 28 යන දෙදින තුළ සිඩ්නි හා බ්‍රිස්බන් යන නගරවලද එය පැවැත්වීමටයි මීට පෙර සංවිධායක මණ්ඩලය විසින් සැලසුම් කර තිබුණේ.
කෙසේ වෙතත් 2026 වසරේදී එය නැවත පැවැත්වෙනවාද යන වග මෙතෙක් දැනුම් දී නැහැ.