Search

මෙල්බන් සත්වෝද්‍යානයට අලි වෙනසක්

මෙල්බන් සත්ත්ව උද්‍යානයේ සිටි ආසියානු අලින් නව දෙනෙකු වෙරිබී විවෘත සත්වෝද්‍යානය වෙත මාරු කර තිබෙනවා.

මෙලෙස මෙම මාරු කිරීම සිදු කර ඇත්තේ දින 05 මෙහෙයුමකින් පසුව වන බවයි වාර්තා වන්නේ.

වසර 40 කට පසුව වෙරිබී විවෘත සත්වෝද්‍යානය වෙත අලි ඇතුන් පැමිණි පළමු අවස්ථාව මෙය වීම ද කැපී පෙනෙනවා.

මේ වනවිට මෙම සත්වයින් නව පරිසරයට හුරු වෙමින් පවතින බවයි සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය විසින් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට මොවුන් නැරඹීමට සති කිහිපයක් බලා සිටීමට සිදු වනු ඇති බවද වැඩිදුරටත් සදහන්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »