
අත්අඩංගුවේ සිටියදී පොලිස් නිලධාරියෙකුට කෙල ගැසූ පුද්ගලයෙකු මෙල්බන් රින්ග්වුඩ් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රියදුරන්ට සහ මගීන්ට පහරදෙන බවට ලද පැමිණිල්ලක් මත ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැණුනා.
සිද්ධිය වූ ස්ථානයට වහා පැමිණි පොලීසිය සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු විසින් පොලීසියට කෙළ ගසා තිබෙනවා.

විසි හය හැවිරිදි මෙම තරුණයා පහරදීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඇප මත නිදහස් කෙරුණා.
සැකකරු ලබන මැයි මස 12 වනදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
