Search

සීලියා නිසා බටහිර ඔස්ට්‍රේලියාව සීරුවෙන්

cyclone

නිවර්තන සුළි කුණාටුවක් වන සීලියා බටහිර ඔස්ට්‍රේලියාවට හෙට ලඟාවන බව කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවනවා.

සීලියා, 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස, පෝට් හෙඩ්ලන්ඩ් හි වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

පැයට කිලෝමීටර 200 කට වඩා වැඩි වේගයෙන් සුළං හමන අතර මිලිමීටර 500 කට අධික වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.

මෙමගින් දැඩි ගංවතුර තත්වයක් ද ඇති විය හැකි බැවින් අවදානයෙන් සිටින්නැයි බලධාරීන් ඉල්ලා සිටිනවා.

කුණාටුව අනිද්දා දින වනවිට 3 වන කාණ්ඩය දක්වා වැඩිදියුණු වී පෝට් හෙඩ්ලන්ඩ් සිට කිලෝමීටර් 135 ක් උතුරින් සහ පැයට කිලෝමීටර් 13 ක වේගයෙන් නිරිත දෙසට ගමන් කිරීමට නියමිතයි.

මේ හේතුවෙන් ලොව විශාලතම තොග අපනයන වරාය, පතල්, පාසල් කිහිපයක් මෙන්ම ගුවන් ගමන් ද අවලංගු කර ඇති බවයි බලධාරීන් කියාසිටියේ.