Search

සංක්‍රමණිකයන් 75,000 ක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් ? Student Visa මගින් පවුලේ සාමාජිකයන් ගෙන්වීමටත් සීමා ?

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති උල්ලංඝනය කළ සංක්‍රමණිකයන් 75,000 ක් පිටුවහල් කළ යුතු බවට One Nation පක්ෂය යෝජනා කරනවා.

එහි නායිකා Pauline Hanson විසින් මෙම අදහස් පළ කර ඇත්තේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය සිදු කරමිනුයි.

මෙරට සංක්‍රමණ පද්ධතිය තුළ ගැටළු රැසක් උද්ගත ව පවතින බවයි ඇය පෙන්වා දී ඇත්තේ.

ඔස්ට්‍රේලියාව විසින් වසරකට සංක්‍රමණිකයන් වෙත ලබා දෙන වීසා ප්‍රමාණය 130,000 දක්වා සීමා කළ යුතු බවට ද Pauline Hanson විසින් සදහන් කර තිබෙනවා.

එමෙන්ම ශිෂ්‍ය වීසා (Student Visa) සදහා ද නව නීති අවශ්‍ය බවත් ශිෂ්‍ය වීසා මගින් පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට රැගෙන ඒම වැළැක්වීම සදහා නව නීති සම්පාදනය කළ යුතු බවටත් පක්ෂ නායිකාව යෝජනා කර තිබෙනවා.

මීට අමතරව සංක්‍රමණික ප්‍රජාව හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට හිමි වරප්‍රසාද රැසක් අහිමි වී යෑමේ තත්වයක් මේ වනවිට උද්ගතව පවතින බව ද One Nation පක්ෂ නායිකා Pauline Hanson විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »