Search

වික්ටෝරියා ප්‍රදේශ රැසකට Total fire ban පැනවෙයි.

වික්ටෝරියා ප්‍රන්තයේ ප්‍රදේශ කිහිපයකට එළිමහන් ගිනි තැබීම් තහනමක් (Total fire bans) පනවා තිබෙනවා.

ඒ වික්ටෝරියා හි උතුර, දකුණ, බටහිර සහ මධ්‍යම ප්‍රදේශ සඳහායි.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක උපරිමයකට ළඟාවනු ඇති බවයි කාලගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කළේ.

අද දිනයේ මෙල්බන් හි උෂ්ණත්වය සෙල්සියස්  අංශක 37 ක උපරිමයකට ලඟාවනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.

තද සුළං සමග වියළි කාලගුණය හමුවේ එළිමහන් ගිනි තැබීම අවදානමක් බවයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.

මේ අතර නැගෙනහිර සහ මධ්‍යම දිස්ත්‍රික්වල ගිගිරුම් සහිත තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ මධ්‍යම ප්‍රදේශවලට පැයට කිලෝමීටර 80 ත් 90 ත් අතර තද සුළං ඇති විය හැකි බවද ඔවුන් පෙන්වාදෙනවා.

ගිනි නිවීම් සම්බන්ධයෙන් ප්‍රාන්ත ගිනි නිවීමේ හමුදාව සීරුවෙන් පසුවන බවයි වාර්තා වන්නේ.