
ඔස්ට්‍රේලියාවේ තදාසන්න ප්‍රදේශවල ජනතාව නව තාක්ෂණය වඩාත් පහසුවෙන් වැළඳ ගන්නා බවට නවතම දත්ත වාර්තාවකින් හෙළිව තිබෙනවා.
ඒ විද්‍යුත් මෝටර් රථ මිලදී ගැනීමට තදාසන්න ප්‍රදේශවල නගර වැසියන් දැඩි උනන්දුවක් දක්වන බවට විදුලි වාහන කවුන්සලය නිවේදනය කිරීමත් සමගයි.
2023 වසරේ BYD සහ ටෙස්ලා සමාගම් මගින් සිදුකළ දත්ත අනුව පෙනීයන්නේ ඔස්ට්‍රේලියාව පුරා EV භාවිතය පුළුල් ලෙස වැඩිවී ඇති බවයි.

තදාසන්න ප්‍රදේශවල සිටින ජනතාවට වැයවන අධික ඉන්ධන මිල හේතුවෙන් බොහෝ පිරිස් විදුලි මෝටර් රථ සඳහා නැඹුරු වී ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.
ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තදාසන්න ප්‍රදේශවල විදුලි මෝටර් රථ භාවත කරන්නන් සඳහා වසරකට ඩොලර් 3000 කට වැඩි මුදලක් ඉතිරිවෙන බවයි එම දත්ත පවසන්නේ.

වාහන කාර්යක්ෂමතා ප්‍රමිතිය (NVES) සොයා බැලීමේ නව වැඩසටහනක් පසුගිය ජනවාරි මස පළමු වනදා සිට ආරම්භ කෙරෙනු අතර මෙමගින් නව මෝටර් රථ සඳහා පවත්වාගත යුතු CO2 ඉලක්කය ගැන සොයාබලනු ඇති.