Search

මෙල්බන් Motor Show තවත් අලුත් වෙයි

මෙල්බන් මෝටර් රථ ප්‍රදර්ශනය (Melbourne Motor Show) මෙවර පැවැත්වීමට සංවිධායක මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.

මෙවර එය පැවැත්වෙන්නේ වසර 15 කට පසුවයි.

මෙම මෝටර් රථ ප්‍රදර්ශනයේ ඉතිහාසය 1925 දක්වා විහිදෙන බවයි වාර්තා පළ වන්නේ.

අවසන් වරට එය පවත්වා ඇත්තේ 2011 වර්ෂයේදී බවයි සදහන් වන්නේ.

ඒ සදහා Kia, Isuzu, Ute, Porsche, Tesla, MG, GWM සහ Subaru ඇතුලු ලොව පුරා ජනප්‍රිය වාහන නිෂ්පාදන සමාගම් රැසක් සහභාගී වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මෙවර Melbourne Motor Show අප්‍රේල් 05 වනදා සිට අප්‍රේල් 06 වනදා දක්වා සවුත්බෑන්ක් හි පිහිටි මෙල්බන් සම්මේලන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී (Melbourne Convention and Exhibition Centre) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.