
ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.
නිවාස අමාත්‍ය ක්ලෙයාර් ඕ’ නීල් සහ අධ්‍යපාන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් සමඟ ඒකබද්ධව සිදු කළ මාධ්‍ය නිවේදනයක් අතරතුර දී ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරික ජිම් චාමර්ස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව HELP සහ HECS යන ණය ලාභීන්ට නිවාස ණය ලබා ගැනීම සදහා අවශ්‍ය කටයුතු සකස් කිරීම වෙනුවෙන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ෆෙඩරල් භාණ්ඩාගාරික විසින් ප්‍රකාශ කර තිබෙනවා.

නිවාස ණය අයදුම්පත් පිළිබඳව සලකා බැලීමේ දී දැනට ශිෂ්‍ය ණය පිළිබදව අදාළ බැංකු විසින් මූලික අවධානයක් යොමු කිරීම සිදු වනවා.
නිවාස වෙළදපොළ වෙත පිවිසීමට උත්සහ කරන තරුණ ඔස්ට්‍රේලියානුවන් බැංකු ණය ලබා ගැනීම සම්බන්ධ ගැටළු රැසකට මුහුණ දෙන බවයි අමාත්‍යවරුන් දෙදෙනා විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ඔස්ට්‍රේලියා බැංකු සංගමය විසින් පෙන්වා දී ඇත්තේ මෙය නිවාස හිමිකම් ලබා ගැනීම සදහා අවශ්‍ය බැංකු ණය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරියයේ දී සාර්ථක පියවරක් වනු ඇති බවයි.