Search

ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 49 ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (12) සමත් වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 46 ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 214 ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ චරිත් අසලංක ලකුණු 127 ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 14 ක් සහ හයේ පහවරල් 5 ක් ඇතුලත්.

ලකුණු 215 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 33 පන්දු 05 තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 165 ක්පමණයි.

දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් එක්දින තරගය පෙබරවාරි 14 වනදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »