
තම රජයක් බලයට පත් වුවහොත් නැවත වරක් ඔස්ට්‍රේලියාවට Golden Ticket වීසා ක්‍රමවෙව්දය හදුන්වා දෙන බවට විපක්ෂ නායක පීටර් ඩට්න් විසින් ප්‍රකාශ කර තිබෙනවා.
Significant Investor Provisional Visa (SIV) ක්‍රමවේදය හරහා අවම වශයෙන් රට තුළ ඩොලර් මිලියන 05 ක මුදලක් ආයෝජනය කළ පුද්ගලයන්ට ඔස්ට්‍රේලියාවේ අවුරුදු 05 ක කාලයක් රැදී සිටීමට අවකාශය හිමිව තිබුණු බවයි පැවසෙන්නේ.
මෙම වීසා බලපත්‍රය ලබා ගැනීම සදහා ඉංග්‍රීසි භාෂා දැනුම සහ වයස් සීමාව එතරම් වැදගත් වූයේ නැහැ.

ඒ යටතේ සුදුසුකම් සපුරන ලද වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාව තුළ ස්ථිර පදිංචිය (PR) ලබා ගැනීමට ද අවකාශය හිමි ව තිබුණා.
එවකට පැවති Julia Gillard රජය විසින් මෙම වීසා වැඩසටහන හදුන්වා දෙනු ලැබුවේ 2012 වර්ෂයේදීයි.

කෙසේ වෙතත් පාලක කම්කරු රජය විසින් පසුගිය වසරේදී Golden Ticket වීසා ක්‍රමවේදය අවලංගු කිරීමට පියවර ගනු ලැබුවා.
විපක්ෂ නායක පීටර් ඩට්න් ගේ ස්ථාවරය අනුව පෙනී යන්නේ Golden Ticket වීසා ක්‍රමවේදය ඔස්ට්‍රේලියාව වෙත නැවත හදුන්වා දීමට වැඩි ඉඩක් පවතින බවයි.