
ප්‍රථම වරට ඔස්ට්‍රේලියානු රජයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රචාරණ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
රෝහල්වල පවතින ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් හා වෘත්තීන් හි ප්‍රතිලාභ ප්‍රදර්ශනය මෙම ප්‍රචාරණ වැඩපිළිවෙළේ අරමුණයි.
වයස්ගත රැකවරණය, මානසික සෞඛ්‍ය සේවා, ආදිවාසී ප්‍රජාපාලන සෞඛ්‍ය සංවිධාන සහ වෙනත් ප්‍රජා සෞඛ්‍ය සැකසුම් මෙහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ලෙස හැඳින්වෙයි.

විශ්ව විද්‍යාල සෞඛ්‍ය සිසුන් සහ උපාධිධාරීන් මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීම මෙම ප්‍රචාරණයේ තවත් වැඩපිළිවෙලකි.
රූපවාහිනී, සමාජ මාධ්‍ය, ඩිජිටල් වීඩියෝ, විශ්ව විද්‍යාල සහ රෝහල් අවට දැන්වීම් පුවරු වැනි විවිධ ප්‍රචාරණ කටයුතු මේ වෙනුවෙන් යොදවා ඇතැයි ඔස්ට්‍රේලියා රජය කියාසිටියා.

මෙම ප්‍රචාරණ වැඩසටහන් මැන්ඩරින්, වියට්නාම්, අරාබි, කොරියානු, නේපාල සහ පන්ජාබ් වැනි භාෂාවලින්ද පරිවර්තනය කිරීම විශේෂත්වයක්.