Search

තරුණ ඔස්ට්‍රේලියානුවන්ට නින්ද වැදගත් -සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

යෞවනයන්ට වැඩි නින්දක් අවශ්‍ය බව නව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

නමුත් ඔස්ට්‍රේලියානු දරුවන්ගේ දුර්වල පුරුදු නින්දට බාධාවක් බවයි රාජකීය රෝහලේ වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ.

ශරීරයේ හෝමෝන වෙනස්කම් සිදුවන මෙම වයස් සීමාවේදී මෙලොටොනින් හෝමෝනය මුදාහැරීම ප්‍රමාද වන බව වෛද්‍යවරු පැවසුවා.

එමෙන්ම මීට පෙර සමීක්ෂණයකින් හෙළි වූයේ යෞවනයන්ගෙන් සිසයට 16 ක් දිවා ආහාරයෙන් පසු කැෆේන් පානය කිරීමෙන් නින්ද අවම වන බවයි.

සියයට 47 ක් ම නින්දට පෙර ඩිජිටල් තිර භාවිත කිරීම ද නින්ද නොයෑමට ප්‍රධාන හේතුවක් බවටයි පත්ව ඇත්තේ.

සමීක්ෂණයෙන් පෙන්වාදෙන්නේ දරුවන්ට පැය 8 ක හෝ 10 ක ගුණාත්මක නින්දක් අවශ්‍ය බවයි.

නිතිපතා නින්දට යාම, අඳුරේ නිදාගැනීම, ඩිජිටල් තිරවලින් ඈත්වීම සහ දුරකථනය නිදන කාමරයෙන් පිටත තැබීමෙන් සුවපහසු රාත්‍රී නින්දක් ලබාගත හැකි බවයි වෛද්‍යවරැන් වැඩිදුරටත් කියාසිටියේ.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »