Search

වසර 30 කට පසුව ඔස්ට්‍රේලියා ගුවන් සේවයකට වෙන්න යන දේ

Rex Airlines විකිණීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

කෙසේ වෙතත් එම ගුවන් සේවය මිලදී ගැනීම සදහා මෙතෙක් පෞද්ගලික ආයෝජකයන් ඉදිරිපත් වී නැහැ.

මෙම වසරේ මැද භාගය වනවිට Rex Airlines මිලදී ගැනීම සදහා පෞද්ගලික ලංසුකරුවෙකු ඉදිරිපත් නොවන්නේ නම් පාලක කම්කරු රජය විසින් එය මිලදී ගන්නා බවට ප්‍රකාශ කර තිබෙනවා.

ෆෙඩරල් රජයේ මෙම සැලසුම ක්‍රියාත්මක වුවහොත් වසර 30 කට පෙර Qantas ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමෙන් පසුව රජය සතු පළමු ගුවන් සේවය බවට මෙය පත්වනු ඇති.

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාදේශීය ප්‍රජාවට ගුවන් සේවා වෙත ප්‍රවේශ වීමට අවකාශය සලසා දිය යුතු බවයි.

මේ වනවිට අදාළ ගුවන් සේවාව මිලදී ගැනීම සදහා උනන්දුවෙන් පසුවන ආයෝජකයන් සමඟ සාකච්ඡා කරමින් පසුවන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »