
2026 වසරේ දී අත්‍යවශ්‍ය මිලදී ගැනීම් සඳහා පමණක් මුදල් භාවිතා කිරීමේ යෝජනාවක් ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය කියාසිටිනවා.
ඩිජිටල් ගෙවීම්, ක්‍රමයෙන් වැඩිවීමත් සමඟ මුදල් භාවිත කරන ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි රජය පවසන්නේ.
මෙහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සැලකෙන්නේ සිල්ලර බඩු, ළදරු ඇඳුම්, පිරිසිදු කිරීමේ සහ පෞද්ගලික සෞඛ්‍යාරක්ෂණ නිෂ්පාදන, ඖෂධ සහ ඉන්ධන යි.

කේක්, බිස්කට් සහ ටේක්වේ, වැඩිහිටි ඇඳුම් පැළඳුම්, මත්පැන්, ගෘහ භාණ්ඩ සහ මෙවලම්, මුදල් ප්‍රතික්ෂේප කළහැකි අත්‍යවශ්‍ය නොවන කාණ්ඩය ලෙස සැලකෙනවා.
මෙයට විරෝධය පළකරමින් ඇතමුන් ප්‍රකාශකළේ මුදල් භාවිතය සීමා කිරීමෙන් ක්‍රෙඩිට් කාඩ් අධිභාර කපාහැරීමටත් මාර්ග ගත බැංකු (Online Bank) අවදානම් ඇතිවීමටත් හැකි වනු ඇති බවයි.

කෙසේවෙතත් ඇතමුන් චෝදනා කරන්නේ මෙමගින් එක් භාණ්ඩයකට මුදල් ද අනෙක් භාණ්ඩ වලට ක්‍රෙඩිට් කාඩ් ද භාවිත කිරීම ප්‍රායෝගික නොවන බවයි.