Search

Australian Post සහ බැංකු 03 කින් අලුත්ම වැඩක්

මෙරට ප්‍රධාන බැංකු තුනක් Australian Post (ඔස්ට්‍රේලියන් පෝස්ට්) සමඟ නව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව Commonwealth (කොමන්වෙල්ත්), NAB සහ Westpac (වෙස්ට්පැක්) යන බැංකු විසින් Australian Post (ඔස්ට්‍රේලියන් පෝස්ට්) සමඟ මෙම ගිවිසුමට එළඹ ඇති බවයි දැක්වෙන්නේ.

ඒ හරහා රට පුරා පිහිටි Australian Post (ඔස්ට්‍රේලියන් පෝස්ට්) කාර්යාල 3,400 ක් ආවරණය වන පරිදි Bank@Post (බෑන්ක් ඇඩ් පෝස්ට්) සේවාවන් ඉදිරියේ දී ක්‍රියාත්මක වනු ඇති.

මෙම බැංකු ග්‍රාමීය ප්‍රජාවන්වලට සිය සේවාවන් ලබා දීම වෙනුවෙන් වසරකට ඩොලර් මිලියන 90 ක මුදල ගෙවනු ලබන් බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

2025 වර්ෂයේ ඔක්තෝබර් මාසය වන විට ANZ බැංකු පද්ධතිය ද මෙම සේවාවන් සමග ඒකාබද්ධ වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

ඊට අමතරව HSBC බැංකුව ද Australian Post සමග සාකච්ඡා කරමින් සිටින බව ද එහි වැඩිදුරටත් සදහන්.