
පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන ක්‍රීඩක Matt Kuhemann ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට හදුනාගෙන තිබෙනවා.
2017 වසරේදී වෘත්තීය ක්‍රීඩා ජීවිතය ඇරඹූ ඔහුට එරෙහිව මෙවැනි චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව මෙය වන බවටයි සැලකෙන්නේ.
ඒ අනුව ඔහුට ඉදිරියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විසින් පවත්වනු ලබන ස්වාධීන පරීක්ෂණයක් වෙත බ්‍රිස්බන් හීදී මුහුණ දීමට සිදු වනු ඇති.

ඉදිරි සති කිහිපය තුළදී ඔහු එම පරීක්ෂණයෙන් අසමත් වුවහොත් පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව තහවුරු කරන තෙක් පන්දු යැවීම තහනම් වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.
ඉකුත් දා ගාල්ලේ දී නිමාව දුටු ටෙස්ට් තරග දෙකේදී ඔහු කඩුලු 16 ක් දවා ගැනීමට සමත් වී තිබීම ද කැපී පෙනෙනවා.
