Search

පූසෙකු මෙන් හැසිරුණු ඔස්ට්‍රේලියාවේ ගුරුවරයා

පන්ති කාමරයේ පූසෙකු මෙන් හැසිරුණු ගුරුවරයෙකු පිළිබඳ ක්විස්ලන්තයෙන් වාර්තා වනවා.

ක්වින්ස්ලන්තයේ උසස් පාසලක සිටින මෙම ගුරුවරිය දෑත් පිටුපස ලෙවකමින් බළලෙකු මෙන් හැසිරීම දෙමව්පියන්ගේ දැඩි කණස්සල්ලට හේතුවී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

තමා ‘මිස් පූර්’ ලෙස හඳුන්වන ලෙස ද එම ගුරුවරිය ශිෂ්‍යයන්ට බලකර තිබෙනවා.

ළමුන් ඇහුන්කම් නොදෙන විට ඇය පූසෙක් මෙන් කෑගසා ගොරවමින් අත් ලෙවකමින් පිළිකුල් සහගත ලෙස හැසිරෙන බව දෙමාපියන්ගේ චෝදනාවයි.

එමෙන්ම ඔවුන් කියාසිටින්නේ තමන්ගේ දරුවන්ට ජීවිතයට අවශ්‍ය දේ ඉගැන්වීම හා ඔවුන් පිළිබඳ සොයාබලන විශ්වාසවන්ත ගුරුවරයෙකු තමන් බලාපොරොත්තු වන බවයි.

පසුව එම පැමිණිල්ල පිළිබඳ විදුහල්පතිවරයා සෘජුව ගුරුවරයා සමග සාකච්ඡා කර එම ගැටළුව විසඳන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »