Search

වෙනස්කම් රැසක් මැද ශූරයන්ගේ කුසලානයට යන ඔස්ට්‍රේලියා සංචිතය

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් එළඹෙන ශූරයන්ගේ කුසලානය (ICC Champions Trophy) සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා නිල සංචිතය නම් කර තිබෙනවා.

මීට පෙරද ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ඒ සදහා සහභාගී වන නිල සංචිතය නම් කර තිබුණද ආබාධ තත්වයන් සහ පෞද්ගලික හේතු මත ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඉන් ඉවත් වී ඇති බවටයි මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේ.

ඒ අනුව නායක පැට් කමින්ස්, ජෝශ් හේසල්වුඩ්, මිචෙල් මාෂ් මාකස් ස්ටොයිනිස් සහ මිචෙල් ස්ටාක් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මෙවර ශූරයන්ගේ කුසලානය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

මෙම තත්වය ඔස්ට්‍රේලියා කණ්ඩායමට තරගාවලියේදී අවාසි සහගත වනු ඇති බවටයි විචාරකයන්ගේ අදහස වී ඇත්තේ.

ශූරයන්ගේ කුසලානයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය ස්ටීව් ස්මිත් වෙත හිමිව තිබෙනවා.

තරගාවලිය ලබන 19 වනදා පාකිස්තානයේදී ආරම්භ වීමට නියමිතයි.

 

ICC Champions Trophy සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා සංචිතය පහතින්

Steve Smith (c), Sean Abbott, Alex Carey,  Ben Dwarshuis, Nathan Ellis, Jake Fraser-McGurk, Aaron Hardie, Travis Head, Josh Inglis, Spencer Johnson, Marnus Labuschagne, Glenn Maxwell, Tanveer Sangha, Matthew Short, Adam Zampa. Travelling reserve: Cooper Connolly.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

කැනඩාවේ අධිකරණ ඇමති ධූරයට ලාංකික සම්භවයක් සහිත අයෙක්

කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී තේරිපත් ව තිබෙනවා.

Read More »