
කාර්යබහුල ජනතාවට ගිම්හාන කාලයේ විනෝද වෙන්න වික්ටෝරියා රජයෙන් නොමිලේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
වික්ටෝරියාවේ සෑම ජාතික වනෝද්‍යානයකම සහ වනාන්තරයකම කඳවුරු බැඳීම නොමිලේ ලබාදෙන බවටයි ඇලන් කම්කරු පක්ෂය තීරණය කර ඇත්තේ.
වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය නිවේදනය කළේ මෙම වැඩසටහන පසුගිය දෙසැම්බර් පළමු වනදා සිට මෙම වසරේ ජූනි 30 දක්වා ක්‍රියාත්මක වන බවයි.

මේ අතර දැනටමත් කඳවුරු බැඳීමට මුදල් ගෙවා ඇති අයට එම මුදල් නැවත ලබාගැනීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
කඳවුරු වෙන්කරවා ගැනීමේ ගාස්තුවලින් ඩොලර් මිලියන 7.3 ක මුදලක්, ප්‍රාන්තය තුළ කඳවුරු බදින සියලු පවුල් සඳහා ඉතිරි වෙන බව ඇය පෙන්වාදෙනවා.

නොමිලේ සිදුකරන මෙම වැඩසටහනට ඩොලර් මිලියන 1.7 ක් අතිරේක නඩත්තු, අළුත්වැඩියා කිරීම් සහ මෙහෙයුම් පිරිවැය සඳහා වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.