Search

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබටත් ළගදීම චොකලට් කන්න නැතිවෙයි?

ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් රැසක චොක්ලට් මිල ගණන් ඉහළ යෑමේ අවදානමක් මතු වී තිබෙනවා.

ගෝලීය වෙළඳපොළ තුළ පවතින කොකෝවා හිඟය ඒ සදහා බලපා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

බටහිර අප්‍රිකානු කලාපය තුළ උද්ගතව ඇති අයහපත් කාලගුණික තත්වය සහ කොකෝවා වගාවන්ට වැළදී ඇති බෝවන රෝග ද මෙම කොකෝවා හිඟය ඇති වීම සදහා හේතු වී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගැරී මෝටිමර් විසින් පෙන්වා දී ඇත්තේ පසුගිය මාස කිහිපයක කාල සීමාව තුළ චොක්ලට් මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

ඉදිරියේ දී ඔස්ට්‍රේලියා වෙළදපොළ තුළ චොක්ලට් මිල 10% ත් 20% අතර අගයකින් ඉහළ යා හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.

පාරිභෝගිය ක්‍රියාකලාපය කෙරෙහි මෙම තත්වය විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවටයි මහාචාර්යවරයා විසින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »